loader image

කතාවක්

කතාවක්

මගේ පුයර මල නැති වෙලා. මීයො ගෙනියලද කොහෙද. මූණේ පුයර ටිකක් උලා ගන්න උඹේ ඔය ලස්සන බූල් වලිගය ටිකක් දීපන්කො. මීයා කිව්වා. අපේ වලිග තියෙන්නෙ උඹලට පුයර උලන්න දෙන්න නෙවෙයි. බළලා අහක බලා ගත්තා. එහෙනම් මොකටද තියෙන්නෙ? අපේ වලිග තියෙන්නෙ අපට පුයර උලා ගන්න. බළලා වලිගය වනමින් පිළිතුරු දුන්නා. ඉතින් අපටත් ටිකක් දීපන්කො. හදිස්සියකටනෙ…මීයා පින්සෙන්ඩු […]

බත් කූරා

බත් කූරා

ලොකු මහත්තයාගේ ලොකු දුවගේ කාමරයට ආ බත් කූරාව අල්ලා ගැනීම ට උත්සහ කළ අවස්ථාවේ ලොකු මහත්තයාගේ පොඩි දුව විසින් කරන ලද සවුත්තු කතාව හෙලා දකිමු. එම ප්‍රකාශය: “අනේ අප්පු මේ, බැරි වැඩ කරල මෙතන හොම්බ තලා ගන්නෙ නැතුව බිම් මට්ටමේ සතෙක් අල්ල ගන්න උත්සහ කරන්න.” එම ප්‍රකාශය නැවතත්: “අනේ අප්පු මේ, බැරි වැඩ කරල මෙතන […]

මැණිකේ

මැණිකේ

ලොකු මහත්තයාගේ ලොකු දුව, ලෙඩ වුන බළල් පැටියෙක් ව පශුවෛද්‍ය තුමිය වෙත ගෙන ගිය අවස්ථාවක දී එතුමිය එම බළල් පැටියා දුටු ගමන් “ආනේ…චූටි මැණිකෙ කෙනෙක්නෙ…” යයි කියා ඇත. එය අසා ගත් ලොකු මහත්තයාගේ ලොකු දුව ඉන් පසු දකින දකින බළලා ට “මැණිකේ” යයි ඇමතීම ට පුරුදු විය. කුඩා බළලුන් ට, ගැහැණු බළලුන් ට පමණක් නොව, […]

සමනලුන් ඇල්ලීම

සමනලුන් ඇල්ලීම

ගෙදර අපි බළල්ලු නිවාඩු දවසේ සමනළයින් ඇල්ලීම ට සිතුවෙමු. සුපුරුදු පරිදි ගණන් කළේ සූකිරි ය. සමනල්ලු ඇල්ලීම ට ගණන් කිරීම ට උවමනා නැති බව අප කිව්වා ම ඒකි කිව්වේ සෙල්ලම සාධාරණ වීම ට නම් අනිවාර්යයෙන් ම ගණන් කළ යුතු බව යි. සූකිරි කිව්වෙ සමනලයා එහා වත්ත ට ගියොත් ඌව ආපසු පන්නාගෙන අපේ වත්ත ට ගෙන […]