නත්තල් ගස

පෙරවදන අප්පු ට ගස් නැගීමට බැරි ය. ගස් තබා කිසිම උසකට නැගීම ට නොහැකි ය. වැරදීමකින් හෝ උසකට නැගුනොත් අපි කවුරු හෝ නැග අප්පු ව බා ගත යුතු ය. ගස් නොනගින නිසා අප්පුගේ නියපොතු ගෙවෙන්නේ ද නැත. ඒවා ඉඳිකටු මෙන් උල් අතර හැම තැනම පැටලේ. එසේ තැන් තැන වල පැටලුන විට ඒවා ද අපි ම […]
ගස මුල කවියා ය බැස්සොත් ඌ කාය

දැන් රාත්‍රී 8.45. ගේ ඇතුලේ නැති නිසා බලන විට පුල්ලිකුමාර මුනිදාස වහලය උඩ ය. එන්න කිව්වා ට එන්නේ නැත. බලන විට කුස්සිය ලඟ ගහක් පාමුල කවි කුසුම් හා ගුල් මොහොමඩ් ය. කවි කුසුම් ලෝවැඩ සඟරාව පෙරලමින් සිටි අතර ගුල් මොහොමඩ් උගුර පාදමින් ගායනය ට සූදානම් වෙමින් සිටියේ ය. දැන් මෙතන විසාල විපතක් වීම ට නියමිත […]
පහර දීම

පසුගිය දිනයක මධම රාත්‍රියේ අපි කවුරුත් ලොකු මහත්තයාගේ ලොකු දුවගේ කාමරයේ නිදා සිටියෙමු. බෙලිසිමෝ කවදත් වගේ ඒකිගේ හිස කිට්ටුවට වෙන්න රවුමක් වී නිදා සිටියේ ය. මේ අතර මල්වීනාගේ බට්ටි පුතා ඒකිගේ ඇඳ අයින දිගේ අම්මා (මල්වීනා) සොයමින් හොර අඩි තියමින් ආවේ ය. මෙයින් බෙලිසිමෝ අවදි වූ අතර උගේ මායිම හරහා වෙන බළලෙක් යනු දැක කෝපය […]
කවිය

අද උදෑසන යලිත් තාප්පය දෙසින් කවි ගායනාවක් ඇසුන නිසා මම ඒ පැත්ත ට ගොස් බැලුවෙමි. තාප්පය වේදිකාව කරගත් කවි කුසුම් හා පුල්ලියා යටි ගිරියෙන් තම ගායන කුසලතා ලොව ට පෙන්වමින් සිටියහ. කවි කුසුම්: මල්ලිත් මමත් අකුර ට යන වෙලෙවේ… පුල්ලියා: පලයා…….න් කවි කුසුම්: කලු කරගෙන එනවා වැහි වළාවේ පුල්ලියා: බැහැපා……..න් කවි කුසුම්: ඇයි මේ උඹේ […]
ලොකුමහත්තයාගේ ලොකුදුවගේ අවනඩුව 2

කුඩා කළ එන්නතක් අවුල් වී අප්පුට නිදන්ගත පීනස තත්වයක් පවතී. ඒ නිසා නිතර කිවිසුම් යෑම, නහය තද වීම, හුස්ම ගන්නා විට රාං රූං පුස් පුස් ලෙස ශබ්ද ඇති වීම පවතී. වැහි පින්න, සීතල වැදුනාම එම තත්වය වැඩිවේ. නමුත් අප්පු හොරෙන් වැස්සේ තෙමෙන්න යයි. පාන්දරම එළියට බැස පිනි බාමික් රස්තියාදු වෙයි. ඇති වැඩකුත් නැත. ගෙට එන්න […]
ලොකුමහත්තයාගේ ලොකුදුවගේ අවනඩුව.

මම ලොකුමහත්තයාගේ ලොකු දුව වෙමි. ඔබතුමනලා මෙතරම් කාලයක් අප්පුගේ කේලම් සහ අදහස් ඇසූ බව මම දනිමි. නමුත් දැන් අප්පුගේ වැඩකටයුතු ගැන කීමට කාළය පැමිණ ඇත. පසුගිය දිනක මා නාන කාමරයෙන් පිටතට එන්නට දොර අරින විට, දොර අප්පුගේ අගේ වැදී අප්පු වැටුනි. මම ඉක්මනින් ම අප්පුව ඇහිදගෙන, අතගා, සිදුවූ වරදට සමාව ද ඉල්ලා වන්දියක් වශයෙන් අප්පුට […]
මැටි බල්ලා

අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ලග මැටි බල්ලෙක් සිටී. ඒකි කියන විදිහට ඒකි ඉගනගන්න කාලයේ සිට එම මැටි සුනඛයා ඒකි ලග සිට ඇත. මැටි සුනඛයා සිටි බව නම් විශ්වාස කළ හැකි ය. නමුත් ඒකි ඉගෙනගත්තා කියන එක නම්…අනේ මන්දා ය. ඔය බල්ලා සිටින්නේ ඒකිගේ මේසය උඩ ය. මේ තරම් කාලයකට කවුරුත් ඔය මැටි බල්ලා ගණන් […]
අයියා

අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ට පාඩුවේ සිටින බළලෙක් දුටුවොත් තේරුමක් නැති ප්‍රශ්නයක් ඇසීමේ පුරුද්දක් ඇත. අද රාත්‍රි කාලයේ එළිය ට පැන ගැනීම ට පොටක් සොයමින් මල්වීනාගේ චුට්ටි පුතා කුස්සියේ දොර ලඟ වාඩි වී සිටිනු දුටු ඒකි, “අයියා කෝ?” කියා චුට්ටි පුතාගෙන් ඇසුවා ය. ඒ ඇසුවේ බට්ටියා ගැන ය. කෙසේ හෝ, “අයිය කෝ” කියන එක […]
බෙලියා සහ රෝස මල

අද උදෑසන බෙලියා විසින් ලොකුමහත්තයාගේ එම නෝනා ගේ මල් වගාවේ රතු රෝස මලක් කැඩීම නිසා ලොකු මහත්තයාගේ ලොකු දුව උදේ ම බැනුම් ඇසුවා ය. ඒ ගැන ඒකි බෙලියාගෙන් ප්‍රශ්න කළ විට ඌ කියා සිටියේ අඳුරන පූසි පැටියෙක් ට දීමට එය කැඩූ බව ය. එහෙම පූසි පැටවු මේ පැත්තේ නැති බවත් බෙලියා කියන්නේ බොරු බවත් ඒකි […]
සරුංගලය

පෙරේදා ගෙදර වත්තට සරුංගලයක් වැටුනි. එය වැටුනේ කොහිල කොටුවට ය. එය මුලින්ම දැක්කේ ලොකු මහත්තයාගේ පොඩි දුව ය. ඒකිගේ ඇස් උඩ ගොස් කට ද ඇරුනි. ඒකි පොඩි කාලේ එහෙම සරුංගලයක් වත්තට වැටෙනකන් බලාගෙන සිටි බවත් දැන් මේ අවුරුදු තිස් ගණනකය පසු එම සිහිනය සැබෑ වුන බවත් කියමින් ඒකි සතුටින් නටන්නට විය. ඒ වෙලාවේ ලොකු මහත්තයාගේ […]
