කොල්ලකෑම

මම ගෙදර නැති ටිකට කුණු බළල්ලු පුටුව අල්ලාගත් කතාව යි. මම ටික දවසකට ගමනක් යන බව නොනලා ට කිව්වා නේද? ඊට පසුව දා, ලියන තනතුරකට ඇබෑර්තු ඇත යනුවෙන් බිංදු පත්තරයේ දැන්වීමක් පළ වී තිබුනි. ඊටත් පසු දා බුරතීනො හෙවත් සූකරයා ලොකු මහත්තයා ලඟ සේවය ට වාර්තා කර තිබුන අතර ඌ කිසි බයක් සැකක් නැතිව මාගේ […]
අසාධාරණය

පසුගිය දවසක අපේ සූකිරි ට දරුවන් 3 දෙනෙක් ලැබී තිබුනි. එහෙම ලැබුනේ කොහොමදැයි අප දන්නේ නැත. උදේ සිටියේ සූකිරි පමණ ය. රෑ බලන විට ඒකි සමග පැටවුන් 3ක් ද විය. කෙසේ හෝ එදිනම ගිඩියොන් බාප්පා ගෙදරින් අතුරුදහන් විය. ඌ පාරෙන් එහා පැත්තේ එහෙ මෙහෙ යන බව දුටු බවක් එම නෝනා ලොකු මහත්තයාගේ ලොකු දුව සමග […]
හොරා

ඊයේ රාත්‍රී 12 ට පමණ ලොකු මහත්තයාගේ ලොකු දුවගේ ජනේලයෙන් පිටත සැක කටයුතු ශබ්දයක් ඇසුනි. ලොකු මහත්තයාගේ ලොකු දුව ඒක ගණන් ගත්තේ නැත. නමුත් එය කුමක්දැයි බැලිය යුතු බව අපි ඒකිට පුන පුනා කිව්වා ය. නමුත් ඒකි ගණන් ගත්තේ නැත. ඒ හොරෙක් හෝ බිල්ලෙක් විය හැකි බව අපි ඒකිට පැහැදිලි කළා ය. එවිට ඒකි, “මීයෙක් […]
වැස්සේ ආ අමුත්තා

අප්පුව සෙවීමට එළියට ගිය අවස්ථාවේ අපේ වත්තට පැමිණ සිටි අමුත්තෙක් මුණගැසුනි. මඳ වැස්සසේ තෙමෙමින් සුරතල් පාමින් සිටි කිරි සුදු වයසක බළලා මා දිහා බලාගෙන සිටියේ කළකින් හමු වූ මිතුරකු දෙස බලනවා වාගේ ය. ඉතින් මම ඌ සමග කතා කළෙමි. මම: පූස් කාගෙ කවුද? ගෙවල් කොහෙද? බළලා: උඔටත් පුදුම ප්‍රශ්න නේද තියෙන්නෙ? මම: නෑ…දන්නෙ නැති නිසා […]
මනමාලි සුනඛයා 🐩

මනමාලි සුනඛයා මෙහෙට ආවේ වසංගත සමයේ ය. උගේ පහළ වීම පිළිබඳව විවිධ මත පවතී. සමහරු කියන්නේ ඌ ගෙදරකින් පැන ආ බව ය. තවත් සමහරු කියන්නේ ඌව අතරමන් කර ඇති බව ය. කෙසේ හෝ ලොකු මහත්තයාගේ ලොකුදුවගේ අනුශාසනයෙන්, ලොකු මහත්තයාගේ එම නෝනාගේ දිරිගැන්වීමෙන්, හා වැඩට උදව්වට ඉන්න අයියාගේ උත්සාහයෙන් මනමාලි සුනඛයා මේ ගෙදර සාමාජිකයෙක් විය. ඌ […]
කැවිල්ල

කොනිචිවා පීපල්, අප්පු හියර්… ආ නෝනලා…කාලෙකින්…කලු වෙලාද මන්දා.. මේකයි නෝනා, කවි කුසුම් නම් බළල් ගඩ්ඩෙක් පසුගිය දා මෙහෙට ආ බව ලොකු මහත්තයාගේ ලොකු දුව හරි ලොකුවට කිව්වානේ…ඉතින් ලොකු මහත්තයාගේ එම නෝනා තක්කෙටම කිව්වා වගේ ඌ අදත් දවාලේ පැමිණ ඇත. ඒ අවස්ථාවේ අපේ බෙනී කොල්ලා එතනට ගොස් කවියාගෙන් පහර කෑමකට ලක්ව ඇත. බෙනියාව දාගෙන කන අතර […]
අතුරුදහන් විම

ඊයේ රාත්‍රියේ බළලුන් ව ගේ ඇතුල ට ගන්නා වෙලාවේ අප්පු පේන්න සිටියේ නැත. මම අප්පුගේ නම කියමින් වත්ත පුරා රවුම් තුනක් ගිය අතර ඒත් අප්පු ආවේ නැත. ගේ ඇතුලේ ද හැම තැන ම බැලූ නමුත් අප්පු ගේ ඇතුලේ සිටියේ ද නැත. මම හතර වන වරටත් අප්පුගේ නම කියමින් වත්ත පුරා ඇවිද්දෙමි. නමුත් අප්පු ආවේ නැත. […]
ඕප දූප ටිකක් අසමු.

නෝනලා…නෝනලා…තේ එකක් බොන ගමන් කතාවක් අහමු. අග්ගලා ද ඇත. මෙන්න එම කතාව. අද උදෑසන මල්වීනා අපේ එම නෝනා ගේ බටු මෝජු පාත්තියේ සෙල්ලම් කරමින් සිටින අතරතුරේ දී අන්නාසි වගාව ඇතුලේ හැංගී සිටි පිටස්තර කුණු බළලෙක් ඒකිට “ආ…මීනු…😏” යැයි පවසා ඇත. ආරංචියේ හැටියට ඇහැකුත් ගසා ඇත 😉. එම සිද්ධිය ලොකු මහත්තයාගේ පොඩි දුව දැක ඇත. ඒකි […]
ඉවිල්ල 👩🍳

අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව උයන කෑම සුපිරි ය. ඒකි ඉව්ව දවස ට ගෙදර මගුල් ගෙයක් වැනි ය. මේ මොනව ද මේ මොනව ද අසමින් සියලු දෙනා ම ඒකි උයා ඇති සියලුම හොදි බෙදා ගන්නේ අඩුම ගානේ ඉන් එක හොද්දක් සමඟ හෝ බත් ටිකක් කා ගත හැකි වේ යයි දැඩි බලාපොරොත්තුවකිනි. ඒකි උයන මාලු හොද්ද […]
සොයා දෙන්න

මේ කුක්කා ගමන් බිමන් යාම ට භාවිතා කළ වාහනය කැඩී ඇත. එය ජපන් වාහනයක් බවත් අලුතෙන් ම ගත් එකක් බවත් කුක්කා කියයි. නමුත් ඊයේ ගමනක් ගොස් ගෙදර එමින් සිටිය දී පාරේ තිබුනු කුඩා වලක වාහනය වැටුන බවත් එයින් එක් රෝදයක් ගැලවී ගිය බවත් කුක්කා දැනුම් දුන්නා ය. වාහනයෙන් බැස බලන විටත් ගැලවුන රෝදය පාර දිගේ […]
