loader image

බෙහෙත් පෙත්ත

බෙහෙත් පෙත්ත

බෙනිටෝ ට ගෙදර සුරතලය මදි නිසා සුරතල් පෙත්තක් හා සුරතල් පැණියක් බොයි. සුරතල් පෙත්ත, පෙති 01 බැගින් දවසට 3 වරක් හා සුරතල් පැණිය තේ හැදි 02 බැගින් දවසට දෙවරක් ගත යුතු බව දොස්තර නියමය යි. නමුත් ඊයේ දවල් සුරතල් පෙත්ත බොන්න ලෑස්ති වන විටම එය බිම වැටී රෝල් වී ගිය අතර රෑ වන තුරු සෙව්ව […]

රට මීයා

රට මීයා

අල්ලපු ගෙදර ඇන්ටි….එක්කො අක්කා කියනවා…අල්ලපු ගෙදර අක්කා අපට එවා ඇති පුරවාපු මීයා සහ තවත් සෙල්ලම් බඩුවක් ලොකු මහත්තයාගේ ලොකු දුව ඒකිගේ භාරයට ගෙන ඇත. ඒකි අපට ඒවා අල්ලන්නවත් දෙන්නේ නැත. ඉල්ලුවා ම පස්සෙ දෙන්නම් කියනවා මිසක දෙන්නේ නැත. ඒ පුරවපු මීයා ඇල්ලුවාම කෑගහන එකෙකි. ඒකි මීයාව නිතරම කෑගස්සවා මහ හඩින් සිනාසෙයි. ඒකි දැන් එම මීයාව […]

බෙලිසිමෝ

බෙලිසිමෝ

බෙලිසිමෝ ගොන්සාල්වෙස් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් සහ ආයෝජකයෙකි. ව්‍යාපාරික කටයුතු සදහා විදේශිකයන් සමග නිතරම මාල දිවයිනට යයි. සුඛෝපභෝගී නැව් වල මාස ගණන් සවාරි යයි. රට කෑම කයි. රට බීම බොයි. කියුබානු සුරුට්ටු බොයි (සහ විකුණයි). ඉනේ පිස්තෝල දෙකක් ඇත. නිතරම “arriba, arriba … andale, andale” යනුවෙන් කෑ ගසයි. ගෙදර මිනිසුන්ව හෙලා දකී. බෙලිසිමෝ ගෙදර මිනිසුනගෙන් නිතර අහන […]

ගීතය

ගීතය

පෝයට කළින දින රෑ අප නිදා සිටින අතර රාත්‍රී 12 පමණ වන විට ගේට්ටුව දෙසින් ශබ්දයක් ඇසෙන්නට විය. කන් දී බලන විට එය ඉතා කැත හඩකින් තාලයක් නැතිව ගයන පැරණි චිත්‍රපට ගීතයක් බව දැනුනා ය. අපි බළල්ලු නින්දෙන් නැගිට ඉක්මනින් එළියට දිව්වේ සිද්ධිය කුමක්දැයි බැලීමට ය. ඒ වන විටත් හිඹුටු කුමාරි තරහෙන් පුපුරමින් දොර පොල්ලද […]

වලිය

වලිය

ලොකු මහත්තයාගේ ලොකු දුව හිටපු ගමන් සංගීත භාණ්ඩයක් වයයි. එදාට බළල්ලු ගෙදරින් පිට වේ. කට්ට අව්වේ වුව ද මහ වැස්සේ වුව ද බළල්ලු තමන්ට අවශ්‍ය කළමනා (වතුර බෝතල්, කුඩ, තොප්පි, පැදුරු, කොට්ට, පොත්) රැගෙන වත්ත පහළට යයි. ආයෙ එන්නේ සද්දය නතර වූ බවට සැක හැර දැනගත් පසුව ය. ඊයේ ලොකු මහත්තයා අපට වැදගත් වැඩක් පැවරූ […]

දෙමුහුම

දෙමුහුම

දෙමුහුම ලොකු මහත්තයාගේ ලොකු දුව ගෙදර බළලුන්ට විකාර රූපී නම් දැමීම නිසා නිතරම අප පමණක් නොව එම නෝනා ද අපහසුතාවයට පත් විය. ලගකදී ඒකි බළලෙක් රැගෙන ගොස් සත්ත්ව රෝහල එකම සිනා සාගරයක් බවට පත් කළා ය. ඒකි සමග බෙහෙත් ගැනීමට යෑමට බළල්ලු ඉතා අකමැති ය. උන් කියන්නේ ඊට වඩා මැරෙන එක හොද බව ය. මීට […]

බෙනි බබා

බෙනි බබා

අපේ බෙනිටෝ ට කවුරුත් කියන්නේ ‘බෙනී බබා’ කියා ය. ඌට මීයෙක් යයි සිතිය හැකි සෙල්ලම් බඩුවක් ඇත. ඒක ඌට දුන්නේ එම නෝනා ය. අපට දුන්නේ නැත. එම සෙල්ලම් බඩුවේ නම ද ‘බෙනී බබා’ ය. ඒ බව ගෙදර කවුරුත් දනී. එනමුත් ලොකු මහත්තයාගේ ලොකු දුවගේ වැඩේ ම ඔය බළල් පැටියා කරපින්නාගෙන උගෙන් අර සෙල්ලම් බඩුවේ නම […]

පළිගැනීම

පළිගැනීම

අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ඉතා හීනි ය. පතෝල කරලක් වැනි ය. ඒකි ඒ තරමටම හීනි ය. දවසක් එම නෝනාට වැරදී ඒකිව දවල්ට උයන්න ද ලෑස්ති උනා ය. ඒකි බේරුනේ අපි කෑගහපු නිසා ය. දැන් ඒකිට ඒක මතක නැත. අපි මහත නිසා ඒකි අපිට ඊරිසියා ය. හීනි උනාට ඒකි දවස පුරා එක එක දේවල් තනියම […]

බලු වැඩ

බලු වැඩ

ගෙදර බළලුන් ට කෑම බෙදන හැන්ද හොරෙන් පන්නාගෙන ගොස් කෑ මනමාලි සුනඛයා හෙළා දකිමු. ඔය හැන්ද අපට පරම්පරාවෙන් ලැබුන හැන්දකි. මීට කේන්තියෙන් අප්පු ප.ලි. කෙසේ හෝ ගෙදර උන්, හැන්ද කෑ එකට දොස් කිව්වේ ලොකු මහත්තයාගෙ ලොකු දුවට ය. ඒ ගැන අපට සතුටු ය.

හැලෙන කොළ

හැලෙන කොළ

සතුන් ඇති කරන කාටත් කතා කිරීමට අකමැති හා කතා කළ නොහැකි දිනයක් උදා වේ. ඒ ඔවුන් අපට උදා කරන එක ම නරක දිනය යි. නමුත් එම දිනය උදා වීම අප කිසිවකු ට හෝ නතර කළ නොහැක. මට ද එවැනි බොහෝ දිනයන් උදා වී ඇත. මෙය ද එවැනි දිනයක් පිළිබඳ කතාවකි. කළක ට පෙර මම මෙවැනි […]