නාගයා

අපේ වත්තේ මේ දින වල නයි උවදුරක් පවතී. බට්ටියාට නයෙක් පෙනේ කළ අතර මනමාලි සුනඛයා ට ද නයෙක් පාට් එකක් දමා තිබුනි. කෙසේ හෝ අපේ ලොකු මහත්තයාගේ (මෝඩ) ලොකු දුව නයින් ට හිංසා කිරීම හෝ මැරීම තහනම් කළ අතර ගෙදර උන් ට කර කියා ගැනීමට දෙයක් නැති විය. අවසානයේ ලොකු මහත්තයාගේ එම නෝනා කාටදෝ කියා […]
පුල්ලි කථාවස්තුව

පුල්ලියා අපේ ගෙදර සිටින එක විදිහක බළලෙකි. පුල්ලිකුමාර මුනිදාස, පුල්ලි මල්ල, පුල්ලි කැටේ, රාජ මැදුරෙ ආලෝකය ලෙස හඳුන්වන්නේ ද පුල්ලියා ව ම ය. පුල්ලියා යනු වෙනම ජීවියෙකි. පුල්ලියාගේ අහංකාරකම වෙනම ම ජීවියෙකි. කන්න දෙන විට ඔය ජීවීන් දෙදෙනා ට ම කන්න දිය යුතු ය. පුල්ලියා වෙන බළලුන් සමඟ කන්නේ නැත. රටේ බළල්ලු (රටේ කිව්වා ට […]
හරි යෑම

සභාපති බළලා දැන් එක විදිහක් ය. අපිව තඹේක ට මායිම් කරන්නේ නැත. ඉස්සර නම් “ආ සභාපතියා” යයි ඇමතූ විට “ආ අක්කේ” හෝ “ආ බොක්කේ” ලෙස පිළිතුරු දෙන්නේ salute එකක් ද ගසා ය. ඒ ගෙට ඔලුව දමා ගැනීම ට පෙර ය. නමුත් දැන් “ආ සභාපතියා” යයි ඇමතූ විට, ඇස් පියා ගනී. නැත්නම් අහක බලා ගනී. එහෙමත් […]
පුඩිං

පුඩිං ලෙඩිං ය. කිඹුලෙක් මෙන් කමින් බොමින් සිටි පුඩිං හදිසියේ ම කෑම නතර කළ අතර මම ඉක්මනින් ම පුඩිං ව ප්‍රතිකාර සඳහා ගෙන ගියෙමි. යනකන් ම මග දිග ට කෑගසමින් නරක වචන කියමින් ගිය පුඩිං පශුවෛද්‍යතුමිය ට ද තර්ජනය කරමින් මෙන්න මරනෝ කියමින් හඬ තලා මේසය උඩ දඟලා උඩ පැන මගේ ඇඟේ මුත්‍රා ද කර […]
බළලුන්ගේ අධිෂ්ඨාන ශක්තිය

බළල්ලුන්ගෙන් උගත හැකි පාඩම් නම් එම ට ය. මම බළලුන්ගෙන් බොහෝ දෑ ඉගනගෙන ඇත්තෙමි. අධිෂ්ඨානය ඉන් එකකි. තට්ටු කරන්නා ට දොර ඇරෙන වගත් ඉල්ලන්නා ට ලැබෙන බවත් සොයන්නා ට සම්භ වන බවත් මම හොඳින් ම දන්නා දෙයක් වුව ද බළල්ලු මට එය වචනයේ පරිසමාප්ථාර්ථයෙන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. ගෙදරින් පිට වීම ට හෝ ගේ ඇතුල […]
හරිම පුදුම සුවඳ බළල්ලු

බළල්ලු දිය නාන්නේ නැත. සුවඳ සබන් ගාන්නේ නැත. පුයර උලන්නේ හෝ විලවුන් ගල්වන්නේ ද නැත. නමුත්, ඔවුන් ඉතා සුවඳවත් ය. ඒ කෙසේ ද? කවුරුත් නොදනී. සමහර බළල්ලු බටර් කේක් පුසුඹ ය. සමහරු සුදු කිරි වල පෙඟවූ මාරි බිස්කට් සුවඳ ය. තව බළල්ලු සීතල ම සීතල වැනිලා අයිස් ක්‍රීම් පුසුඹ ය. තව සමහරු උදෑසන අව්ව සහ […]
අපූරු ම බළල්ලු

බළල්ලු මායාකරුවෝ ය. අපට නොපෙනෙන රූප, වර්ණ දකින, අපට නොඇසෙන ශබ්ද ඇසෙන, අපට නොදැනෙන සුවඳ දැනෙන, සිහින සමඟ ගණුදෙනු කරන, ගෙ මිදුල මැද තරු දොරටු දකින, ඒවායින් ඔබ්බ ට පය තබා පිණි මෙන් අතුරුදන් වන, නැවත හොල්මන් මෙන් අප ඉදිරියෙහි පෙනීසිටින, කිසිවෙක් ව තඹේ ක ට මායිම් නොකරන, නමුත් තමුන් ට සිතුන විටක හිස මත […]
පළතුරු පටලැවිල්ල

අපේ මල්වීනාගේ චුට්ටි පුතා බොහොම තැඹිලි පාට ය. ඒ නිසා ලඟකදී සිට අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ඌට ‘දොඩම් ඉස්ම (orange juice)’ යයි ඇමතීම ට පුරුදු විය. ඒකි ඒ නම හොයාගත්තේ පොතකින් ය. කෙසේ හෝ අද දින අපේ ලොකු මහත්තයාගේ එම නෝනා ට පොඩ්ඩක් පැටලී ඌව ‘දෙලුම් ඉස්ම’ යයි හඳුන්වන ලදී. ලොකු මහත්තයාගේ ලොකු දුව […]
අමුතු සිංදු

ලොකු මහත්තයාගේ ලොකු දුව පුදුම විජ්ජාවක් වහලයේ එල්ලා ඇත. සුළං හමන විට එයින් එක එක සංගීත ඛණ්ඩ වැයෙයි. හරිම පුදුම ය. එකම සංගීතය දෙවරක් ඇසෙන්නේ නැත. සමහර දින වල එයින් හුරුපුරුදු සංගීතයක් වැයෙයි. එය ඇසුනු ගමන් අපි බළල්ලුන්ට හිතෙන්නේ ම දැන් පුස් වෙඩි හඬක් සමඟ ආලෝකයක් මතු වී පිනෝකියෝ කතාවේ දිලිසෙන නිල් සම හා දිග […]
අහසේ තරු

ඊයේ අප්පු සහ මම රාත්‍රී අහසේ තරු බැලුවෙමු. මම අප්පු ට එක එක තරු රටා පෙන්වූ අතර ඒවායේ නම් ද කිව්වෙමි. මම: අප්පු, අර තියෙන්නෙ දඩයක්කාරයා තරු පන්තිය. අප්පු: දඩයක්කාරයා අල්ලන්නෙ මොක්කුන්ව ද? මීයො ද? මම: නෑ අප්පු. අහසෙ මීයො නෑ. අප්පු: එහෙනම් උඹලගෙ වහලෙ දුවන්නෙ? මම: අහසයි වහලෙයි කියන්නෙ දෙකක්, අප්පු. මේ දඩයක්කාරයා ගොනෙක් […]
