loader image

පුල්ලි කථාවස්තුව

පුල්ලියා අපේ ගෙදර සිටින එක විදිහක බළලෙකි. පුල්ලිකුමාර මුනිදාස, පුල්ලි මල්ල, පුල්ලි කැටේ, රාජ මැදුරෙ ආලෝකය ලෙස හඳුන්වන්නේ ද පුල්ලියා ව ම ය. පුල්ලියා යනු වෙනම ජීවියෙකි. පුල්ලියාගේ අහංකාරකම වෙනම ම ජීවියෙකි. කන්න දෙන විට ඔය ජීවීන් දෙදෙනා ට ම කන්න දිය යුතු ය.
පුල්ලියා වෙන බළලුන් සමඟ කන්නේ නැත. රටේ බළල්ලු (රටේ කිව්වා ට ගෙදර ම අනිත් බළල්ලු) හොට ගැසූ කෑම හෝ වතුර පුල්ලියා කටේ තියන්නේ නැත. පුල්ලියා ට කෑම බීම ලබා දීම ට වෙනම නිලමෙලා සිටිය යුතුය. ඔය නිලමේ කම් දෙක තුන ම කරන්නේ මම ය. පුල්ලියාගේ කෑම එක කෝම්පිට්ටුවක් සේ සකසා දිය යුතු ය.
පුල්ලියාගේ ජීවිතය ම කෑම ය. කෑම ලබා ගැනීම ට පුල්ලියා ඉතා ම විනීත ව හැසිරේ.
පුල්ලියා වෙන බළලුන් මෙන් “ඤාව්” කියන්නේ නැත. ඒ වෙනුව ට පුල්ලිය කියන්නේ “මෑ” කියලා ය. කෑම අවශ්‍ය වුන විට පුල්ලියා “මෑ” කිය යි. එවිට නිලමේ මැරී සිටිය ද, පැමිණ පුල්ලියා ට කෑම දිය යුතු ය. පුල්ලියා ට අවශ්‍ය බඳුනේ, පිරිසිඳුව ට, පිළිවෙල ට, වෙනම කෑම හා වතුර තබා කෑමට ආරාධනා කරන තුරු පුල්ලියා පිළිමයක් මෙන් නොසෙල්වී බලා සිටී.
පුල්ලියා ජීවිතේ ට දඩයමක් කර නැත. නමුත් වෙනත් බළලෙක් දඩයමක් කර ගත් විට, පුල්ලියා හොර ගල් අහුලමින් වටේ දැවටෙමින් සිට කෙසේ හෝ ඒ දඩයම තමන් සතු කර ගනී. සරල භාෂාවෙන් කිව්වොත් “කොල්ලකයි.” මේ නිසා රටේ හා ගෙදර බළල්ලු පුල්ලියා සමඟ හිත හොඳ නැත.

මීට පුල්ලි නිලමේ තැන් පත් ලොකු මහත්තයාගේ ලොකු දුව

function magic_particle_trail_script() { ?>