බළල්ලු දිය නාන්නේ නැත.
සුවඳ සබන් ගාන්නේ නැත.
පුයර උලන්නේ හෝ විලවුන් ගල්වන්නේ ද නැත.
නමුත්,
ඔවුන් ඉතා සුවඳවත් ය.
ඒ කෙසේ ද?
කවුරුත් නොදනී.
සමහර බළල්ලු බටර් කේක් පුසුඹ ය.
සමහරු සුදු කිරි වල පෙඟවූ මාරි බිස්කට් සුවඳ ය.
තව බළල්ලු සීතල ම සීතල වැනිලා අයිස් ක්රීම් පුසුඹ ය.
තව සමහරු උදෑසන අව්ව සහ ලා දූවිලි මිශ්ර සුවඳ ය.
සමහර උන් දූවිලි මත හැලුන අලුත් වැස්සක සුවඳ ය.
තවත් බළල්ලු අලුතෙන් ම සෝදා අව්වේ වේලා ගත් රෙදි වල සුවඳ ය.
වැඩිපුර ම බළල්ලු මොකක්දෝ හඳුනන කියන, නමුත් නමක් නැති සුවඳකින් යුතු ය.
මේ සුවඳ ලැයිස්සතුව ට අයත් බළල්ලු කම්මැලියෝ ය.
(නිතර දඩයමේ යන බළල් ලොක්කන් ට හඳුනා ගත හැකි සුවඳක් නැත. හරි ම පුදුම ය.)
නමුත්…
ඒ අතර ම
ටිකක් කෙළ ගඳ, ඇබ්ත්තක් ගොම ගඳ, චූට්ටක් අළු ගඳ බළල්ලු ද නැතුවා ම නෙවේ.
කෙසේ වුව ද,
‘ගඳ’ යනු බළලුන් ට අයත් විශේෂණ පදයක් නොවේ.
සියලු ම බළල්ලු සුවඳ ය. ‘සුවඳ’ යනු ඔවුන්ගේ පෙරනිමි විශේෂණ පදය යි.
මේ අතර එක ම එක විශේෂ බළලෙක් උපන්දින කේක් සහ ලොකු මහත්තයාගේ සුවඳ විලවුන් වර්ගය මිශ්ර අමුතු ම අමුතු මිහිරි සුවඳකින් යුතු ය. ඒ…අප්පු ය.
මීට ලොකු මහතතයාගේ ලොකු දුව