වලිය

ලොකු මහත්තයාගේ ලොකු දුව හිටපු ගමන් සංගීත භාණ්ඩයක් වයයි. එදාට බළල්ලු ගෙදරින් පිට වේ. කට්ට අව්වේ වුව ද මහ වැස්සේ වුව ද බළල්ලු තමන්ට අවශ්‍ය කළමනා (වතුර බෝතල්, කුඩ, තොප්පි, පැදුරු, කොට්ට, පොත්) රැගෙන වත්ත පහළට යයි. ආයෙ එන්නේ සද්දය නතර වූ බවට සැක හැර දැනගත් පසුව ය.

ඊයේ ලොකු මහත්තයා අපට වැදගත් වැඩක් පැවරූ නිසා අපට පැන ගැනීමට නොහැකි වූ අතර බොහෝ වෙලාවක් එම කනහිරියාව ඇසීමට සිදු විය. ඉවසලා ඉවසලා බැරිම තරන අපි, අපි දන්න ගීත කීපයක් වයන ලෙස ඒකිගෙන් ඉල්ලුවා ය. මුලදී ඒකි කැමති වුනේ නැත. නමුත් පසුව අකමැත්තෙන් හා කිව්වා ය.

අපි ගීත කීපයක් ඉල්ලුවා ය. මේ අපි කැමතිම ගීත ය.
1. පොට්ට මීයො තුන්දෙනයි ගීතය
2. බා බා කලු බැටළුවා ගීතය
3. අම්බලමේ පිනා ගීතය
4. රුං රුං හඩ දීලා ගීතය
5. පොල්කිචි නයිදේ ගීතය
6. පාං කිරිත්තා ගීතය

ඒකි පුලුවන් විදිහට වාදනය කළා ය. නමුත් කැත ය. අපි ටික වෙලාවක් සමාදානයෙන් සංගීතය ඇසුවා ය. අපි පොඩි නැටුමක් ද ඉදිරිපත් කළා ය. රුං රුං හඩ ගීතයට අප hip hop නැටුමක් ද නැටුවා ය. නමුත් සියල්ල අවුල් වූයේ අප ඊලග ගීතය ඉල්ලූ අවස්ථාවේ ය.

අපේ ඊලග ඉල්ලීම වූයේ “බේසමේ පූසෝ” ගීතය යි. ඒක බළලුන්ගේ අපේ ජාතික ගීය වැනි ය. නමුත් එය ඉල්ලුවා ම ලොකු මහත්තයාගේ ලොකු දුව නළල රැළි කර ඇස් පොඩි කර අප දිහා බලා “එහෙම සිංදුවක් නෑ” යයි කිව්වා ය. එහෙම සිංදුවක් ඇති බව අපි තදින් ම කියා සිටියා ය. ඒකි නෑ ම යි කිව්වා ය.
ඒකි: බොරු සිංදු හදන්න එපා අප්පු.
අපි: බොරු නෙවෙයි. ඒක වයන්න.
ඒකි: එහෙම එකක් නෑ. වෙන එකක් කියන්න.
අපි: නෑ තියනවා. ඒක වයන්න.
ඒකි: එහෙම එකක් නෑ.
අපි: නෑ තියනවා.
ඒකි: නෑ!!!
අපි: තියනවා!!!
ඒකි: නෑ!!!
අපි: වයපං!
ඒකි: බෑ
අපි: හිටපන් උඹට…

අවසානයේ අපට පුදුම කේක්තිවක් ඇතිවී, උඩ පැන ඒකිට ගැහුවා ය.
ඒකි ඇස් ලොකු කර කට ඇර “මොකක්ද ඒ කළේ?” කියමින් අපව තල්ලු කළා ය. අපිව වැටුනා ය. පසුව අපි නැගිට ඒකිව පැන පැන හැපුවා ය. ඒකි අපිට සෙරෙප්පුවෙන් ගැහුවා ය. අපි ඒකිව සීරුවා ය. ඒකි අපිව බෙල්ලෙන් උස්සා ගන්න උත්සහ කළා ය. අපි ඒකිට දොර පොල්ලෙන් ගැසුවා ය. ඒකට ඒකිගේ නළල ගෙඩි ගැසුනා ය. ඒකි කෑගහගෙන දිව්වා ය.

දැන් ඒකි හා අප කතා බහ කරන්නෙ නැත. ඒකි සංගීතය වැයුවේ ද නැත. නළලේ ගෙඩිය තාම ඇත. ඒක කලු වුනොත් හොද ය.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>