කැවිල්ල

කොනිචිවා පීපල්, අප්පු හියර්…

ආ නෝනලා…කාලෙකින්…කලු වෙලාද මන්දා..

මේකයි නෝනා, කවි කුසුම් නම් බළල් ගඩ්ඩෙක් පසුගිය දා මෙහෙට ආ බව ලොකු මහත්තයාගේ ලොකු දුව හරි ලොකුවට කිව්වානේ…ඉතින් ලොකු මහත්තයාගේ එම නෝනා තක්කෙටම කිව්වා වගේ ඌ අදත් දවාලේ පැමිණ ඇත. ඒ අවස්ථාවේ අපේ බෙනී කොල්ලා එතනට ගොස් කවියාගෙන් පහර කෑමකට ලක්ව ඇත. බෙනියාව දාගෙන කන අතර ඌ මහ හඬින් කවියක් ද කියා ඇත.

“අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා”

“කැවිලි කකා” යන කොටස ඌ උස් හඬින් ගයා ඇත.

මෙය ඇසුන වත්තේ වැඩට උදව් වන අයියා දුව ගොස් “මෙන්න ගෙදර එකාව කනවා” කියා කෑගසා කවියා පන්නා බෙනියාව බේරාගෙන ගෙදර ගෙනත් ඇත. (හැබැයි බෙනියා අපට කිව්වේ වෙන කතාවකි).

ලොකු මහත්තයාගේ ලොකු දුව ගෙදර ආ විගස එම නෝනා ඔය සිද්ධිය ඒකිගෙ කනේ තියා ඇත. එවිට ඒකි “අඥේ කවි කුසූ…ම්” කියාගෙන වත්ත පිටුපසට දිව්වා ය. ඒකි ගත්තේ හොර කවියාගේ පැත්ත ය. ඒකෙත් හැටි ය. කෙසේ හෝ ඔය කවියා හොරෙක් බව අපි කෙතෙක් කිව්ව ද ඒකි පිළිගත්තේ නැත. කවියා ලස්සන බවත්, සුරතල් බවත්, ස්වීට් බවත් කියමින් ඒකි කවි කුසුම්ගේ ගුණ ගායනා කළා මිසක මේ දැනුම් තේරුම් ඇති අප්පුව මායිම් කළේ නැත.

අවසානයේ අප තේරුම් ගත් පරම සත්‍ය නම් බෙනියා මෙලෝ රහක් නැති කැවිලි වර්ගයක් බව ය.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>