දොස්තර හොඳහිතගේ නැවේ කුඹ ගස උඩ සිටින එලුවන් දෙන්නා මෙන් ගෙදර වාහනයේ වහලය මතට වී අවට නැරඹීම හැර වෙන වැඩක් බට්ටියා ට හා චට්ටියා ට නැත. මේ ගැන විමසූ විට එසේ සිටින්නේ මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් එනවා දැයි බැලීම ට බවත් එය ගෙදර මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කරන ස්වේච්ඡා සේවයක් බවත් මේ දෙදෙනා මට පැහැදිලි කළෝ ය. අපි මේ සිටින්නේ ගොඩබිම බවත් මෙහි මුහුදු කොල්ලකරුවන් නැති බවත් මා කියූ විට බට්ටියා සිතියමක් ගෙන දිගහැර බොහෝ වෙලාවක් එය අධ්‍යයනය කර දුරදක්නයෙන් ද බලා “ හැබෑ නේන්නම්! අපි සිංදුව තේරුම්ගෙන තියෙන්නේ වැරදියට!” කියූ අතර දෙදෙනා ම එකතු වී බොහො වේලාවක් මහ හඬින් සිනාසෙමින් සිට නින්ද ට ගියෝ ය.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව.