බෙනිටෝ ට ගෙදර සුරතලය මදි නිසා සුරතල් පෙත්තක් හා සුරතල් පැණියක් බොයි. සුරතල් පෙත්ත, පෙති 01 බැගින් දවසට 3 වරක් හා සුරතල් පැණිය තේ හැදි 02 බැගින් දවසට දෙවරක් ගත යුතු බව දොස්තර නියමය යි. නමුත් ඊයේ දවල් සුරතල් පෙත්ත බොන්න ලෑස්ති වන විටම එය බිම වැටී රෝල් වී ගිය අතර රෑ වන තුරු සෙව්ව ද සොයා ගත නොහැකි විය. සුරතල් පැණියද ඉවර වී ඇත. සුරතල් ඌනතාවය නිසා දැන් බෙනිටෝ වැටී සිටින අතර මේ සදහා ආදේශක තිබේ ද? නැතහොත් ඒ සදහා කුමක් කළ යුතු ද?
බෙනිටෝ දොස්තර මහත්මයකු හෝ දොස්තර නෝනා කෙනකු ගේ සහය පතයි.