අපේ වත්තේ මේ දින වල නයි උවදුරක් පවතී. බට්ටියාට නයෙක් පෙනේ කළ අතර මනමාලි සුනඛයා ට ද නයෙක් පාට් එකක් දමා තිබුනි. කෙසේ හෝ අපේ ලොකු මහත්තයාගේ (මෝඩ) ලොකු දුව නයින් ට හිංසා කිරීම හෝ මැරීම තහනම් කළ අතර ගෙදර උන් ට කර කියා ගැනීමට දෙයක් නැති විය. අවසානයේ ලොකු මහත්තයාගේ එම නෝනා කාටදෝ කියා විසාල මුදලක් වැය කර කැකුණ ඉටි යයි දෙයක් ගෙන්වා ගත්තා ය. ලොකු ගාණක් ගියා ට කැකුණ ඉටි ලැබුනේ තේ හැන්දක් තරම් පොඩ්ඩකි. කෙසේ හෝ ලොකු මහත්තයාගේ පොඩි දුව, සවසක ගිනි අඟුරු හට්යියක් ගෙන මිදුලේ ඇන තියාගෙන, ‘දෙන්නම් නයා ට’ යන දැඩි අධිෂ්ඨානයෙන් අර කැකුණ ඉටි ටික පිළිස්දුවා ය. දුම නැගුනි. අනේ ඒ එක්ක ම ලොකු සුළඟක් පැමිණ අර කැකුණ දුම ඔක්කොම ගේ ඇතුලට ගියා ය. ලොකු මහත්තයාගේ ලොකු දුව ගෙදරින් එලිය ට පැමිණ වට පිට බැලූ අතර නාගයා බක බක ගාමින් සිනාසෙනු අපට ඇසුනි. පසු දා නාගයා ම කැකුණ ඉටි මුලක් ගෙනත් දී “අයියෝ අක්කෙ ඔහොම නම් හරියන්නෙ නෑ, අර පැත්ත ට දුම් පොඩ්ඩක් වත් ආවෙ නෑ, අඩු ගානේ සුවඳ වත් ආවෙ නෑ, අද වත් උත්සහ කරලා බලන්න, එහෙනම් එන්නාම්”… කියා යන්න ගියේ ය.
මීට සියල්ල බලා සිටි අප්පු
