මම ගෙදර නැති ටිකට කුණු බළල්ලු පුටුව අල්ලාගත් කතාව යි.
මම ටික දවසකට ගමනක් යන බව නොනලා ට කිව්වා නේද? ඊට පසුව දා, ලියන තනතුරකට ඇබෑර්තු ඇත යනුවෙන් බිංදු පත්තරයේ දැන්වීමක් පළ වී තිබුනි. ඊටත් පසු දා බුරතීනො හෙවත් සූකරයා ලොකු මහත්තයා ලඟ සේවය ට වාර්තා කර තිබුන අතර ඌ කිසි බයක් සැකක් නැතිව මාගේ පුටුව ද අල්ලාගෙන තිබුනි.
සෝදිසි කර බලන විට දැනගන්න ලැබුනේ මා ගෙදර නැති අතරතුර සූකරයා ම එම දැන්වීම බිංදු පත්තරයේ පළ කර, සූකරයා ම අයැදුම්පත් කැඳවා, සූකරයා ම එම තනතුර ට පත්වීම් ලිපිය ගසාගෙන ඇති බව ය. මේ සියල්ල සිදු වන තුරු ලොකු මහත්තයා දන්නේ නැත. දනනේ නැත!
මෙහෙමයි නෝනලා, මෙතන ලියන අප්පුලා දෙදෙනෙක් ට වැඩ කිරීම ට බැරි ය. එක්කෝ සූකරයා ය. එක්කෝ අප්පු ය. සූකරයා කලු බව ඇත්ත ය. නමුත් ඌ තාම පාසල් ගොස් ඉවර නැත. උගේ අකුරු ද කැත ය.
ලොකු මහත්තයා ට කේලමක් කියා මූව ඉවත් කළ යුතු ය.
මීට අගතිය ට පත් අප්පු.