අමුතු සිංදු

ලොකු මහත්තයාගේ ලොකු දුව පුදුම විජ්ජාවක් වහලයේ එල්ලා ඇත. සුළං හමන විට එයින් එක එක සංගීත ඛණ්ඩ වැයෙයි. හරිම පුදුම ය. එකම සංගීතය දෙවරක් ඇසෙන්නේ නැත.

සමහර දින වල එයින් හුරුපුරුදු සංගීතයක් වැයෙයි. එය ඇසුනු ගමන් අපි බළල්ලුන්ට හිතෙන්නේ ම දැන් පුස් වෙඩි හඬක් සමඟ ආලෝකයක් මතු වී පිනෝකියෝ කතාවේ දිලිසෙන නිල් සම හා දිග නියපොතු සහිත මහත සුරඟන මතුවේ ය යි කියා ය.

සමහර දින වල දී මහ රාත්‍රියේ හොල්මන් කතාවක පසුබිම් වාදනයක් වගේ එකක් ඇහෙයි. එවිට අපි බළල්ලු දුව ගොස් හැංගෙන්නේ කොණ්ඩය මූණ ට හළා ගත් එකියක් ළිඳෙන් මතු වෙයි යන බය ට ය.

තවත් සමහර දින වල මෙයින් නැගෙන සංගීත හඬ ට අපට ඇලඩින් සිහි වෙයි. අපි බළල්ලුන් ට හිතෙන්නේ ම අපි මේ ඉන්නේ මැද පෙරදිග කියා ය. අපි දුව ගොස් පාපිසි මත හිඳගන්නෙ කොයි වෙලේ හෝ උඩ යයි කියා ය.

සමහර දින වල ඔය සංගීතය ඇසුන විට අපි බළල්ලු හිතන්නේ ම අහස උසට බෝංචි වැලක් (හෝ එම නෝනාගේ මෑ කරල් වැලක්) නැග ඇති ය කියා ය.

අපි බළල්ලු දැන් බලා සිටින්නේ කොයි වෙලේ හෝ සූට් බූට් පූසා මතු වේ ය යි කියා ය.

කෙසේ හෝ මේ සංගීත භාණ්ඩය සුරංගනා ලොවින් ආ එකක් බව අපි බළල්ලු විශ්වාස කරමු.

මීට විශාරද අප්පු

function magic_particle_trail_script() { ?>