සභාපති බළලා දැන් එක විදිහක් ය. අපිව තඹේක ට මායිම් කරන්නේ නැත. ඉස්සර නම් “ආ සභාපතියා” යයි ඇමතූ විට “ආ අක්කේ” හෝ “ආ බොක්කේ” ලෙස පිළිතුරු දෙන්නේ salute එකක් ද ගසා ය. ඒ ගෙට ඔලුව දමා ගැනීම ට පෙර ය. නමුත් දැන් “ආ සභාපතියා” යයි ඇමතූ විට, ඇස් පියා ගනී. නැත්නම් අහක බලා ගනී. එහෙමත් නැත්නම් හිටි තැනින් නැගිට යයි.
ඉස්සර ම කටුසු ගතියක් තිබුන සභාපතියාගේ මුහුණ දැන් ක්‍රීම් බනිස් ගෙඩියක් වැනි ය.
සභාපතියා ට අපිව ආයෙ මතක් වෙයි නේ… යයි කියා අපි බලා සිටිමු.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව
