මේ කුක්කා ගමන් බිමන් යාම ට භාවිතා කළ වාහනය කැඩී ඇත. එය ජපන් වාහනයක් බවත් අලුතෙන් ම ගත් එකක් බවත් කුක්කා කියයි. නමුත් ඊයේ ගමනක් ගොස් ගෙදර එමින් සිටිය දී පාරේ තිබුනු කුඩා වලක වාහනය වැටුන බවත් එයින් එක් රෝදයක් ගැලවී ගිය බවත් කුක්කා දැනුම් දුන්නා ය. වාහනයෙන් බැස බලන විටත් ගැලවුන රෝදය පාර දිගේ ඈත ට රෝල් වීගෙන යන බව දුටුව ද එය අල්ලා ගැනීම ට බැරි වී ඇත. එයින් රෝදය නැති වී ඇත. දැන් වාහනය අබලන් තත්වයේ පවතී.
පාර දිගේ රෝදයක් පෙරලීගෙන යනු දුටු අයෙක් වේ නම් හෝ රෝදය අල්ලා ගත් කෙනෙක් වේ නම්, ලොකු මහත්තයාගේ ලොකු දුව බාරේ ගෙදරට ට දැනුම් දෙන ලෙස කුක්කා කරුණාවෙන් ඉල්ලා සිටී.
ස්තූති යි.
මීට අප්පු.