සමනලුන් ඇල්ලීම

ගෙදර අපි බළල්ලු නිවාඩු දවසේ සමනළයින් ඇල්ලීම ට සිතුවෙමු. සුපුරුදු පරිදි ගණන් කළේ සූකිරි ය. සමනල්ලු ඇල්ලීම ට ගණන් කිරීම ට උවමනා නැති බව අප කිව්වා ම ඒකි කිව්වේ සෙල්ලම සාධාරණ වීම ට නම් අනිවාර්යයෙන් ම ගණන් කළ යුතු බව යි. සූකිරි කිව්වෙ සමනලයා එහා වත්ත ට ගියොත් ඌව ආපසු පන්නාගෙන අපේ වත්ත ට ගෙන ආ යුත්තේ ඉතුරු වන කෙනා බව ය. ගණන් කළ පසු අප ව ඉතිරි විය. එහා වත්තේ සුනඛයි සිටී. ඒ නිසා අප සෙල්ලම් කළේ පරිස්සමෙන් ය.

“අප්පු, පව් වැඩ කරන්න එපා!”, ලොකු මහත්තයාගේ ලොකු දුව ඒකිගේ සුපුරුදු බයිලා වාදනය කරනවා යන්තම් ඇසුන ද අපි ඒකි ව මායිම් කළේ නැත.

කෙසේ හෝ එක මෝඩ සමනලයෙක් වැටේ දැලෙන් රිංගා එහා වත්ත ට ගිය අතර සියලු බළල්ලු දිවිල්ල නතර කර අප දිහා බලා සිටින්න ට විය. අපි ද දැක්කෙ නෑ වගේ සිටියෙමු. එවිට සූකිරි පැමිණ අපට තට්ටුවක් දමා අල්ලපු වත්ත පෙන්නුවා ය.

අල්ලපු වත්තේ කුණු සුනඛයි තුන් දෙනෙක් සිටී. ඒ සාමා, අමර, සහ පැණියා ය. අමරයාගේ හිස්ට්‍රිය හොඳ නැත. ඌ අපේ බළල්ලු දෙන්නෙක් ට දත් ගැසා ඇත. නමුත් අල්ලපු ගෙදර අක්කා කියන්නේ ඌ එහෙම නැති බව ය. පිස්සු ය. සාමා ශුවර් නැත. උගේ කිසිම සාමයක් නැත. පැණියාගේ නම් කියන්න වරදක් නැත. නමුත් අල්ලපු ගෙදර අයියා කතා කරන්නේ පැණියා ගිනි පිඹින මකරෙක් ගානට ය. පිස්සු ය.

කෙසේ හෝ වත්තට පනින්නට පෙර අපි ටිකක් විපරම් කළෙමු. ඉන් පසු අප උගුර ද පාදා, “ගෙදර කයි ද? බල්ලො කවුද?” යයි උස් හඬින් ඇසුවේ කවුරු හෝ පිළිතුරක් දෙයි යයි සිතා ය. එසැනින් ගෙදර පිටුපස සිටි අමරයා ඔලුව දමා මහ හඬින් “අඩොව්!!!” යනුවෙන් කෑ ගැසූ අතර අපේ බළල්ලු හිසි ලූලූ අත විසිර ගියහ. අපව හිටි තැනම ගල් විය.

අමරයා ඉව අල්ලමින් වැට අයින ට ආ අතර අපට ඇස් නොපෙනී ගොස් හුස්ම ද හිර විය. අපි උස් හඬින් “මෙන්න කනෝ!!” යයි කෑගැසුවෙමු. එවිට ලොතු මහත්තයාගේ ලොකු දුව දුවගෙන විත් අපව උස්සාගත් අතර අපි ඒකිව සූරා, අත හපා පැනගත්තෙමු. ඒකි අපට බනින්න ට විය. “අප්පු! මොකද්ද ඒ කරපු නරි වැඩේ?? ඈ? බලන්න, තුවාලත් වුනා! කන්නමයි තිබ්බෙ බල්ලො! යැයි යැයි යැයි…” ඒකිගේ අමිහිරි හඬ ට වඩා අමරයාගේ බිරිල්ල හොඳ යයි අපට සිතුනි.

සමනලුන් ඇල්ලීම එතෙකින් නිමා විය.

මීට වෙහෙස ට පත් අප්පු.

function magic_particle_trail_script() { ?>