වැස්සේ ආ අමුත්තා

අප්පුව සෙවීමට එළියට ගිය අවස්ථාවේ අපේ වත්තට පැමිණ සිටි අමුත්තෙක් මුණගැසුනි. මඳ වැස්සසේ තෙමෙමින් සුරතල් පාමින් සිටි කිරි සුදු වයසක බළලා මා දිහා බලාගෙන සිටියේ කළකින් හමු වූ මිතුරකු දෙස බලනවා වාගේ ය. ඉතින් මම ඌ සමග කතා කළෙමි.

මම: පූස් කාගෙ කවුද? ගෙවල් කොහෙද?
බළලා: උඔටත් පුදුම ප්‍රශ්න නේද තියෙන්නෙ?
මම: නෑ…දන්නෙ නැති නිසා ඇහුවෙ. පූස් කවුද?
බළලා: උඹ කවුද?
මම: මම ඉන්නෙ මේ ගෙදර.
බළලා: මගෙ නම කවි කුසුම්. මම කවියෙක්. මට මහත්තයා කියන්න.
මම: හරි මහත්තයා. හඳුනාගැනීම සතුටක්.
බළලා: මටනම් ඇති සතුටක් නෑ.
මම: මුකුත් කාලා ඉමු නේද?

මම අප්පුගේ කෑම වලින් පිඟානක් බෙදා දුන්නෙමි.

බළලා: ඉව කර බලා මෙව්ව කන්න බෑ ඕයි.
මම: ඇයි? මේවා හොඳ කෑමනෙ?
බළලා: ඔව්ව සැරයි.
මම: එහෙනම් මොනවද කන්නෙ?
බළලා: බත්.

මම බල්ලාගේ බත් වලින් ටිකක් බෙදා දුන්නෙමි. බළලා එය කා, වතුර ද බී, දුංකොළ කෑල්ලක් ද කෑවේ ය.

මම: ඕව කන්න හොඳ නෑනෙ මහත්තයා.
බළලා: උඹ උඹේ වැඩක් බලාගනින්කො.
මම: කේන්ති ගන්න එපා මහත්තයා. මහත්තයා කවියෙක් කිව්වා නේද? කියමුද බලන්න කවියක්?

බළලා ඉතා සතුටු වී ළිං තණ්ඩියට නැග වටේටම ආචාර කර ඇස් පියාගෙන මහත් ශබ්දයෙන් මේ කවිය කිව්වෙ ය.

“මැහෝගනී ගහ යට
බිම් මල් පිපිලා
සුවඳේ බැරුවා
ලා ලා ලා ලා…
හ්ම් හ්ම් හ්ම් හ්ම්”

මම: ශා…හරි ලස්සනයිනේ.
බළලා: ඇස් ඇර මා දෙස බලා අනෙ පලයං බොරු නොකියා.

ඌ කණ්ඩියෙන් බැස මුමුණමින් වැස්සේම යන්න ගියේ ය.

මීට ලොකු මහත්තයාගේ ලොකු දුව.

function magic_particle_trail_script() { ?>