කුඩා කළ එන්නතක් අවුල් වී අප්පුට නිදන්ගත පීනස තත්වයක් පවතී. ඒ නිසා නිතර කිවිසුම් යෑම, නහය තද වීම, හුස්ම ගන්නා විට රාං රූං පුස් පුස් ලෙස ශබ්ද ඇති වීම පවතී. වැහි පින්න, සීතල වැදුනාම එම තත්වය වැඩිවේ. නමුත් අප්පු හොරෙන් වැස්සේ තෙමෙන්න යයි. පාන්දරම එළියට බැස පිනි බාමික් රස්තියාදු වෙයි. ඇති වැඩකුත් නැත. ගෙට එන්න කිව්වාම හැංගෙයි. හරිම වදයකි. බැරිම තැන සීතලට අදින්න ඇදුමක්ද අරන් දුන්නෙමි. එහි බොතතම් සහ පිනතූරයක්ද ඇත. ඒක අදින්නේ ද නැත. ඇහුවාම කියන්නේ ඒක රෝස පාට නිසා අදින්න බෑ කියලා ය.
ඇදුම අදින්න බෑ කිව්වාට නම් කමක් නැත. නමුත් වැහි පින්නේ ඇවිද ඇවිත් අපේ මූණට කිවිසුම් යවයි. අප නිදා සිටින විටද අපේ මූණට කිවිසුම් යවයි. ගෙදරට එන අයට ද එහෙම කරයි. එහෙම කරන්නේ හිතලාමය. එහෙම කරන්නේ ද මිනිසුන්ට පමණ ය. වෙන බළලලුන්ට එහෙම කරන්නේ නැත. මේ නිසා මම කරදරයට පත්වී සිටිමි. ගෙදරට එන අය අප්පුව වඩා ගන්න ඉල්ලුවාම අපේ ඇගේ ලේ වතුර වෙයි. බෑ කිව්වොත් වැරදියට හිතයි. හා කිව්වොත් මම ලැජ්ජාවට පත් වේ. හේතුව අප්පුගේ නොසන්ඩාල වැඩය.
මීට අපහසුතාවයට පත් ලොකුමහත්තයාගේ ලොකුදුව.