අල්ලපු ගෙදර ඇන්ටි….එක්කො අක්කා කියනවා…අල්ලපු ගෙදර අක්කා අපට එවා ඇති පුරවාපු මීයා සහ තවත් සෙල්ලම් බඩුවක් ලොකු මහත්තයාගේ ලොකු දුව ඒකිගේ භාරයට ගෙන ඇත. ඒකි අපට ඒවා අල්ලන්නවත් දෙන්නේ නැත. ඉල්ලුවා ම පස්සෙ දෙන්නම් කියනවා මිසක දෙන්නේ නැත. ඒ පුරවපු මීයා ඇල්ලුවාම කෑගහන එකෙකි. ඒකි මීයාව නිතරම කෑගස්සවා මහ හඩින් සිනාසෙයි. ඒකි දැන් එම මීයාව ඒකිගේ ජනේලයේ උඩ එල්ලා ඇත. ඒ අපට ගන්නට බැරි වෙන්නය. අද උදේ එම නෝනා ජනෙල් රෙද්ද අරින්නට යන විට එතුමියගේ අත වැදී මීයා කෑ ගසා එම නෝනා ද හොදටම බය වී අසල නිදා සිටි බළලෙක්ද උඩ විසිවී සීලිමේ වැදී බිමට වැටී මහා කලබගෑනියක් සිදු වී ඇත. අපි නම් ඕවා ට නැත.
මීට කෝපයට පත් අප්පු.