අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ලග මැටි බල්ලෙක් සිටී. ඒකි කියන විදිහට ඒකි ඉගනගන්න කාලයේ සිට එම මැටි සුනඛයා ඒකි ලග සිට ඇත. මැටි සුනඛයා සිටි බව නම් විශ්වාස කළ හැකි ය. නමුත් ඒකි ඉගෙනගත්තා කියන එක නම්…අනේ මන්දා ය. ඔය බල්ලා සිටින්නේ ඒකිගේ මේසය උඩ ය. මේ තරම් කාලයකට කවුරුත් ඔය මැටි බල්ලා ගණන් ගත්තේ නැත. ඒකි ගණන් ගත්තේ ද නැත.
කෙසේ හෝ අද උදෑසන බෙලිසිමෝ (බෙලියා) මැටි බල්ලාව මේසයෙන් බිමට තල්ලු කළා ය. බල්ලා වැටී අත් දෙක කැඩුනි. දැන් ඌට ඇත්තේ කකුළ් දෙකක් පමණි. ඒකත් පුදුම ය.
නෝනලා මහත්තයලා, අපි කියන්නේ මේකයි. ඔය බල්ලාගේ අත් දෙක කැඩුනා කියා ලොකු මහත්තයාගේ ලොකු දුව හ්ම්ම් කිව්වේ නැත. ඒ ඒක කැඩුවේ බෙලියා නිසා ය. අපි කැඩුවා නම් බලන්න තිබුනා ය. එහෙම උනා නම් ඕකි ඕක කියව කියව ගම පුරා යනවා ය. අප්පු අරක කැඩුවා ය අප්පු මේක කැඩුවා ය අප්පු එහෙම ය අප්පු මෙහෙම ය යැයි යැයි යැයි කියමින් අපව අල්ලා දෙනවා ය. බෙලියා ට බඩු කඩන්න හොද ය. අපට නරක ය. අපි කලු නිසා වෙන්න ඇති ය.
බෙලියා භයානක ය.
අද මැටි සුනඛයා ය. හෙට ඇත්ත සුනඛයා විය හැකි ය.
මීට කලකිරීමට පත් අප්පු.