බෙලිසිමෝ

බෙලිසිමෝ ගොන්සාල්වෙස් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් සහ ආයෝජකයෙකි. ව්‍යාපාරික කටයුතු සදහා විදේශිකයන් සමග නිතරම මාල දිවයිනට යයි. සුඛෝපභෝගී නැව් වල මාස ගණන් සවාරි යයි. රට කෑම කයි. රට බීම බොයි. කියුබානු සුරුට්ටු බොයි (සහ විකුණයි). ඉනේ පිස්තෝල දෙකක් ඇත. නිතරම “arriba, arriba … andale, andale” යනුවෙන් කෑ ගසයි. ගෙදර මිනිසුන්ව හෙලා දකී.
බෙලිසිමෝ ගෙදර මිනිසුනගෙන් නිතර අහන ප්‍රශ්න:
උඹලා කන්නේ අතින් නේ?
උඹලට නැව් නැද්ද?
උඹලට ටින් කෑම එහෙම තියනව ද?
උඹල හරි කැතයි ඕයි.
පුදුමයි ඕයි උඹල නම්.
උඹල දුප්පත් නේ?
එක අතකට පව් ඕයි උඹල…

කෙසේ වුව ද ගෙදර හැමෝම බෙලිසිමෝට ඉතාම ආදරේ ය

function magic_particle_trail_script() { ?>