බෙනි බබා

අපේ බෙනිටෝ ට කවුරුත් කියන්නේ ‘බෙනී බබා’ කියා ය. ඌට මීයෙක් යයි සිතිය හැකි සෙල්ලම් බඩුවක් ඇත. ඒක ඌට දුන්නේ එම නෝනා ය. අපට දුන්නේ නැත. එම සෙල්ලම් බඩුවේ නම ද ‘බෙනී බබා’ ය. ඒ බව ගෙදර කවුරුත් දනී. එනමුත් ලොකු මහත්තයාගේ ලොකු දුවගේ වැඩේ ම ඔය බළල් පැටියා කරපින්නාගෙන උගෙන් අර සෙල්ලම් බඩුවේ නම ඇසීම ය. උගෙන් පමණක් නොව, ගෙදර උන්ගෙන් ද අසයි.
කොයි වෙලේත් ‘බෙනී බබාගේ ටෝයි එකේ නම මොකක් ද?’ යයි අසමින් බළල් පැටියා වඩාගෙන ඇවිදී.
සමහර වෙලාවට ලොකු මහත්තයාගේ බාල දුව ඒවාට උත්තර ද බදී. ඒක ඊට හපන් ය.
එම නෝනා නම් ඒකිගේ ඔලුවේ සිට කකුල් දෙකට බලයි. නැත්නම්, ‘ඔන්න ඕකත් අරන් යන්න මෙතනින් කරදරයක් නොවී…” යයි කෙලින්ම කියයි. එවිට ඒකි විකි විකි ගාමින් සිනාසෙමින් එතනින් පැන දුවයි. ඒකිට කුමක් හෝ අසනීපයක් හෝ ආවේශයක් ඇති බව අපට සිතේ.
ලොකු මහත්තයා නම් මුකුත් කියන්නේ නැත. නමුත් එතුමාගේ හිනාවේ කිව යුතු සියල්ල ලියවී ඇත.

මුන් ගෙදරින් යන්නේ ද නැත. අපට ඉන්න දෙන්නේ ද නැත. ලොකු මහත්තයාට ම අලාභ කරමින් එතුමාගෙන්ම කකා බිබී, රට්ටු හිනස්සමින් මේක අස්සේම සිටී. අනේ මන්දා ය.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>