බළල්ලුන්ගෙන් උගත හැකි පාඩම් නම් එම ට ය. මම බළලුන්ගෙන් බොහෝ දෑ ඉගනගෙන ඇත්තෙමි. අධිෂ්ඨානය ඉන් එකකි.
තට්ටු කරන්නා ට දොර ඇරෙන වගත්
ඉල්ලන්නා ට ලැබෙන බවත්
සොයන්නා ට සම්භ වන බවත් මම හොඳින් ම දන්නා දෙයක් වුව ද බළල්ලු මට එය වචනයේ පරිසමාප්ථාර්ථයෙන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇත.
ගෙදරින් පිට වීම ට හෝ ගේ ඇතුල ට පැමිණීම ට අවශ්‍ය බළලෙක් කිසි දිනක නිහඬව බලාගෙන සිට නැත. ඔවුන් හැකි පමණ දොරවල් වල ට තට්ටු කරයි. එපමණකින් ද නතර නොවේ. අශෝභන ලෙස හඬ තලයි. බඩුමුට්ටු පෙරළයි. දොරවල් සූරයි. මේක ඇරපන්කො ඕයි කියමින් දොරවල් වල ට තඩිබායි. #පුෂීන්අයියා
එවිට අනිවාර්යයෙන ම දොර ඇරෙන බව ඔවුන් දනී.
සවස 6 ද රාත්‍රී 12 ද පාන්දර 3 ද අදාල ම නැත.
අනිවාර්යයෙන් දොර ඇරේ.
දොර නැත්නම් ඉතා කේන්තියෙන් ජනේලයක් හෝ ඇරේ.
#කුක්කාසහගුල්ලා
ඉල්ලන්නා ට ලැබේ යන්න මම දිනපතා අත් දකිමි.
පාන්දර 3, 4 වන විට බළල්ලු ඇඳ වටා පිඟන් කෝප්ප ඔසවාගෙන ඉල්ලන ඉල්ලීම නොසලකා සිටිය හැකි නම් ඔබ ට සෙලවිය නොහැකි ශක්තිමත් අධිෂ්ඨාන ශක්තියක් ඇත. නැතහොත් ඔබ බිහිරි ය.
#අප්පුසහබළල්සංගමය
බළල් කටකින් බේරා ගත් අහිංසක කුරුල්ලෙක්, ලේනෙක් සුවපත් වන තුරු සඟවා තැබීම ට කිසිම ස්ථානයක් මේ සක්වල නැත. සැමන් කෑල්ලක්, අයිස් ක්‍රීම් හැන්දක්, සාලයෙක් හාල්මැස්සෙක් කඳු මුදුනක සැඟවුව ද සාගර පතුලේ තැම්පත් කළ ද පොළව යට වැළලුව ද මොවුන්ගෙන් බේරා ගැනීම බොරු ය. මන් ද ඔවුන්ගේ සෙවිල්ල ඒ තරම් ම සූක්ෂ්ම ය. සැලසුම්සහගත ය.
#බෙලිසිමෝපුඩිංප්රමුඛබළල්කැළ
බළලකුගේ අධිෂ්ඨානය හමුවේ දියමන්ති පවා සීනි අලුවා මෙන් කුඩු වී හැලේ.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව 😥
