පුඩිං ලෙඩිං ය.
කිඹුලෙක් මෙන් කමින් බොමින් සිටි පුඩිං හදිසියේ ම කෑම නතර කළ අතර මම ඉක්මනින් ම පුඩිං ව ප්‍රතිකාර සඳහා ගෙන ගියෙමි. යනකන් ම මග දිග ට කෑගසමින් නරක වචන කියමින් ගිය පුඩිං පශුවෛද්‍යතුමිය ට ද තර්ජනය කරමින් මෙන්න මරනෝ කියමින් හඬ තලා මේසය උඩ දඟලා උඩ පැන මගේ ඇඟේ මුත්‍රා ද කර මා ලැජ්ජාව ට පත් කළ අතර කෙසේ හෝ මිරිකාගෙන බෙහෙත් ටික එන්නත් කරගෙන පූස් කූඩය ට ඔබාගෙන අගුල තද කළෙමි.
සවුත්තු ම වැඩේ වුනේ ඉන් පසුව ය.
බෙහෙත් ලියා සියල්ල අවසන වූ පසු පශුවෛද්‍යතුමිය මෙයාගේ නම කුමක් ද යයි ඇසුවා ය.
දැන් ඉතින් මොනවා කියන්න ද?
මම වට පිට බැලුවෙමි. සියලු දෙනා මා දෙස බලා සිටී. කාලය ගත වේ. ඔරලෝසු කටුව මහත් ශබ්දයකින් ගමන් කරයි.
අවසානයේ මම ගැඹුරින් හුස්මක් ගෙන…”පුඩිං” යයි කිව්වෙමි.
ඔරලෝසුව නතර විය.
පශුවෛද්‍යතුමිය සහ එතැන සිටි සියලු දෙනා මහ හඬින් කොක් හඬලා සිනාසෙන අයුරු මම මන්ද චලනයෙන් දුටුවෙමි.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව
