පහර දීම

පසුගිය දිනයක මධම රාත්‍රියේ අපි කවුරුත් ලොකු මහත්තයාගේ ලොකු දුවගේ කාමරයේ නිදා සිටියෙමු. බෙලිසිමෝ කවදත් වගේ ඒකිගේ හිස කිට්ටුවට වෙන්න රවුමක් වී නිදා සිටියේ ය. මේ අතර මල්වීනාගේ බට්ටි පුතා ඒකිගේ ඇඳ අයින දිගේ අම්මා (මල්වීනා) සොයමින් හොර අඩි තියමින් ආවේ ය. මෙයින් බෙලිසිමෝ අවදි වූ අතර උගේ මායිම හරහා වෙන බළලෙක් යනු දැක කෝපය ට පත් විය. ඌ නැගිට උඩ පැන නියපොතු පුම්බා හැකි වෙර යොදා බට්ටියා ට ගැසුවේ ය. අවාසනාව ට (හෝ වාසනාව ට) එම පහර වැදුනේ අසල නිදා සිටි ලොකු මහත්තයාගේ ලොකු දුවට ය. ඒකි සිටියේ තල්මසකුගේ පිට නැගී අහසින් යන සිහිනයක් දකිමින් ය. ඒකි බය වී උඩ ගොස් සිවිලිමේ වැදී නැවත අඳ ට ම වැටුන අතර ඒකි සිතුවේ තල්මහගේ පිටෙන් වැටුනා කියා ය. එසේ බය වී කරුවලේ ඇස් දල්වාගෙන සිටින විට බට්ටියා ඒකිගේ මූණ ට ම කර “අම්ම ඤෑහ්!” කිව්වේ ය. මෙයින් ඒකි ඉතාම උරණ වී එළියට විසි කරනවා ය කියා බළල්ලු දෙදෙනාට ම තර්ජනය කළා ය. බට්ටියා පැන ගත්තේ ය. තරවටු කළ එකට බෙලිසිමෝ උරණ වී ඒකිගේ මේසයට පැන සියලුම බඩු මුට්ටු එකිනෙක අතින් තල්ලු කරමින් බිම දැම්මේ ලොකු මහත්තයාගේ ලොකු දුව කට ඇරගෙන බලා සිටින අතරේ ය.

නෝනලා, මේ ඇත්ත ම ය. අපි මේ සියල්ල අපේ රතු පාට පූස් ඇඳේ සිට බලාගෙන ය. නමුත් අපි මැදිහත් වුනේ නැත. වුනා නම් සියල්ලට ම වැරදිකාරයා වන්නේ අප ය. අප්පු අර දේ කළා ය. අප්පු මේ දේ කළා ය. අප්පු අහවල් දේ කළා ය. අප්පු එහෙම ය. අප්පු මෙහෙම ය. යැයි යැයි යැයි කියමින් අපව අල්ලා ගනී.

කෙසේ වුව ද ඒකි මහ රෑ බළල්ලු දෙදෙනාව කාමරයෙන් ඵළිය ට දැමූ අතර අවසානයේ බිම සිට වැඩේ නරඹමින් සිටි අප දිහා බලා අපට ඇඟිල්ල ද උරුක් කර “ඊලඟ ට තමුන් ඈ…” යයි අපට ද තර්ජනය කර නින්ද ට ගියා ය.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>