දෙමුහුම

දෙමුහුම

ලොකු මහත්තයාගේ ලොකු දුව ගෙදර බළලුන්ට විකාර රූපී නම් දැමීම නිසා නිතරම අප පමණක් නොව එම නෝනා ද අපහසුතාවයට පත් විය. ලගකදී ඒකි බළලෙක් රැගෙන ගොස් සත්ත්ව රෝහල එකම සිනා සාගරයක් බවට පත් කළා ය. ඒකි සමග බෙහෙත් ගැනීමට යෑමට බළල්ලු ඉතා අකමැති ය. උන් කියන්නේ ඊට වඩා මැරෙන එක හොද බව ය.

මීට දින දෙකකට පෙර අපේ ලොකු මහත්තයාගේ එම නෝනාට බළල් නම් දෙකක් පැටලී ප්‍රශ්නයක් ඇති විය. අපේ ගෙදර මීට පෙර ‘ගොගියානෝ’ නම් බළල් තඩියෙක් සිටියේ ය. ඌ හොඳ එකා ය. නමුත් ඌ බොහෝ නාකි වී මළා ය. දැන් වෙනත් බළල් කාණ්ඩයක් මෙහි සිටී. ඉන් එකෙක්ගේ නම ‘බුරතීනෝ’ ය. එදා ගමනක් යෑමට සූදානම් වන අතරේ එම නෝනා ට ඔය නම් දෙක පැටලී මඤ්ඤං වී “ඔය බුලියානෝ ව ඇතුලට දාන්න” යැයි හයියෙන් කිව්වා ය. බුලියානෝ නමින් බළලෙක් නැත. ඒ නිසා ගෙදර උන් මූණට මූණ බලා ගත්තා ය. වැඩේ තේරුනේ පසුව ය. එවිට ලොකු මහත්තයාගේ ලොකු දුව මහ හඩින් හිනා වී බැනුම් ද ඇසුවා ය. “සතෙක්ට කියන්න පුලුවන් නමක් දාන්න ඕනෑ. බහුබූත නම් දාගෙන මෙතන…” යයි එම නෝනා වැඩි දුර ප්‍රකාශ කළා ය. අපට පුදුම සතුටක් දැනුනි. කතාව සහතික ඇත්ත ය.

දැන් ඒකි ‘බුලියානෝ’ කියා නම තැබීමට තව බළලෙක් කඩාපාත් වන තුරු බලා සිටී.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>