ඡන්දය

ලොකු බළලාගේ ඇවෑමෙන් පසු ගෙදර බළල් නායකත්ව පුටුව හිස් විය. බළලා දෙව් ලොව ගියේ ඇබෑර්තුව බිංදු පත්තරයට දමා ය. බළල් ව්‍යවස්ථාව අනුව ගෙදරක බළල් නායකත්වය ලැබන්නේ
– වැඩි වයස
– වැඩි අත්දැකීම් සහිත
– වැඩිම දඩයම් වාර්ථාවක් ඇති
– පිරිමි
බළලාට ය.
අපේ ගෙදර එම සුදුසුකම් තිබුනේ අපට ය. මුනිදාසයා ද පිරිම බළලකු බැවින් ඌ ද ඡන්දයට ලෑස්ති විය. බොහෝ බළලුන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කියවා නැත. ඒ නිසා හිඹුටු කුමාරි ද නාම යෝජනා බාර දුන්නා ය. නමුත් එය ප්‍රතික්ෂේප විය. ඒකි ඒකට තරහෙන පිපිරෙමින් අපට ඇනුම් පද කියමින් තරහ පිරිමැහුවා ය. අප ඕවා ගනන් ගත්තේ නැත. අප දිවා රෑ ගෙවල් වලට ගොස් අපේ විස්තරය හා සුදුසුකම් කියමින් ඡන්දය ඉල්ලුවා ය. මුනිදාසයා ධනපති පන්තියේ නිසා ඌ ඡන්දයට බොහොම වියදම් කළා ය. ඌ ගම පුරා ගියේ රෝද තුනේ බයිසිකලයකිනි. අප පීඩිත පන්තියේ බැවින් අප ගියේ පයින් ය. අපට බොහෝ බාධා ද තිබුනි. අප අමාරැවෙන් දුර කතර ගෙවාගෙන ගේට්ටුව ලගට යන විටම ලොකු මහත්තයාගේ ලොකු දුව අපව උස්සාගෙනවිත් නැවත ගෙදරින් දමයි. ඒකි අපට පුදුම බාධාවක් උනා ය. මේ අතර අප මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන බවට ද ඒකි ලොකු මහත්තයාට කේලම් කියා තිබුනා ය. අප නිදා සිටින මුනිදාසයාගේ කකුළ හැපුවේ සහෝදර මෙව්වා එකට ය. ඒකි ඒක දෙක තුන කර ලොකු මහත්තයාට කිව්වා ය.

කෙසේ හෝ බාධා මැද ඡන්ද දිනය උදා විය. මුනිදාසයා උදෙන්ම උගේ ඡන්දය දැම්මා ය. ඌ ඡන්දය දමා තිබුනේ ඌටම ය. ලැජ්ජා නැතිකම ය. හිඹුටු කුමාරි තරහට ඡන්දය කටු ගෑවා ය. හෙලේනා කපටිකමට දෙදෙනාටම ඡන්දය දී තිබුනා ය. මග්දලේනා කතිරයේ කොන් හතෙරේම මල් ඇඳ තිබී ඒකිගේ ඡන්දය නරක් විය. ගුල්ලාට හදිස්සියට කතිරය ගසන්නට අමතක වී ඇත. පසුව ඌ ඒ ගැන නොසෑහෙන්න දුක් වුනා ය. සුමනාගේ ඡන්දය පෙට්ටියෙන් එළියට වැටී තිබී දින දෙකකට පසු හමු විය. කුක්කා කතිරය ගසා, අමතක වී පෑන පෙට්ටියට දමා ඡන්ද කොළය සාක්කුවේ දාගෙනවිත් තිබුනා ය.

සවස් වන විට ඡන්ද ප්‍රතිඵල ආවා ය. අපි උඩින්ම දිනා තිබුනි. ඇත්තටම කිව්වොත් අපට ඡන්ද දායකයන් ගණන මෙන් තුන් ගුණයකට එහා ඡන්ද ලැබී තිබුනි. නමුත් පිට බළල්ලු ගෙන්නා හොර ඡන්ද දැම්මා ය යන චෝදනාව මත ලොකු බළලා දෙව්ලොව සිට ඡන්දට අහෝසි කර කුමක් හෝ ලයිස්තුවෙන් වෙන බළලෙක් දමා ඌට නායකත්වය දුන්නා ය. ඌ ගිඩියොන් ය. බලද්දී ඌට ව්‍යවස්ථාව අනුව බොහෝ සුදුසුකම් නැත. ඌ අප සියල්ලන්ට වඩා බාල ය. අත්දැකීම් තියා හූනෙක්වත් අල්ලා නැත. එකම සුදුසුකම ඌ පිරිමි බළලෙක් හා නොම්මර එකේ මැරයෙක් වීම ය. උගේ කට පොඩි වුව ද ඌ ගල් පැලෙන බොරු කියයි. කෑම කමින් සිටින අතරේ වුවද උගෙන් කෑම ලැබුනාද ඇසුවොත් ඌ කියන්නේ නෑ කියලා ය.
නැවත අසාධාරණය ජය ගත්තා ය. දැන් ඌ මෙතන රජ වී සිටී. කිසි දෙයක් කිරීමට මුනිදාසයාගෙන් සහයක් නැත. අපට සිදුවූ දේ ය.

function magic_particle_trail_script() { ?>