චාලි බෙනිටෝ කථා වස්තුව

චාලි බෙනිටෝ නම් පූස් පැටියා රූකඩ සංදර්ශනයකින් පැන ආ චරිතයකි. පෙනුමෙන් පූස් පැටියෙක් වුව ද ඌ හැබෑවටම මොකෙක් දැයි කවුරුත් නොදනී. බෙනිටෝ ට බොහෝ සුරතල් වීමට උවමනා ය. දකින ඕනෑම කෙනෙක් සමග බෙනිටෝ බලෙන් ම සුරතල් වෙයි. එය කොයි තරම් කරදරයක්ද කිවහොත් ගෙදර සුනඛයා පවා බෙනිටෝ ව මග හරී. බෙනිටෝට බොහෝ දේ තේරෙන්නේ නැත. ‘එපා’ කියන වචනය බෙනිටෝට මතකහිටින්නේ ම නැත. එය මතක තබා ගැනීමට ඉතා අමාරු වචනයකි. බෙනිටෝ එවැනි අමාරු වචන පොතක ලියා ගනී. පාඩම් ද කරයි. නමුත් හරියන්නේ නැත. මතකය ශක්තිය වර්ධනය වීම සදහා බෙනිටෝ අමතර කිරි පීරිසියක් ද බොයි.
බෙනිටෝ ට ගෙදරින් බොහෝ චෝදනා ඇත. නමුත් බිත්තර පෙට්ටියෙන් බිත්තරයක් බිමට දැම්මේ ද මේසය උඩ තිබුන වීදුරුව බිමට තල්ලු කළේ ද කුඩා පැටවුන්ගේ උණු වතුර පුරවන බෑග් එක හිල් කළේ කවුද කියා ද දන්නේ ම නැති බව බෙනිටෝ කියයි. එහෙම කළේ මම දැයි වෙලාවකට මට සිතේ.

මීට ලොකු මහත්තයාගේ ලොකු දුව

function magic_particle_trail_script() { ?>