පෝයට කළින දින රෑ අප නිදා සිටින අතර රාත්රී 12 පමණ වන විට ගේට්ටුව දෙසින් ශබ්දයක් ඇසෙන්නට විය. කන් දී බලන විට එය ඉතා කැත හඩකින් තාලයක් නැතිව ගයන පැරණි චිත්රපට ගීතයක් බව දැනුනා ය. අපි බළල්ලු නින්දෙන් නැගිට ඉක්මනින් එළියට දිව්වේ සිද්ධිය කුමක්දැයි බැලීමට ය. ඒ වන විටත් හිඹුටු කුමාරි තරහෙන් පුපුරමින් දොර පොල්ලද ගෙන එළියේ රැක සිටියා ය.
බලන විට ජෝර්ජි ගොගියානෝ මහ බළලා බීගෙන එන බව අපට තේරුනා ය.
“ලෝකයේ….වෙනස් වුනේ…..
මිනිහදෝ….බළලදෝ….” ලෙස ගයමින් කොට කලිසමේ කකුළක් ද ඔසවාගෙන මහ බළලා මේ පැත්තට වැනි වැනී එමින් සිටියා ය.
හිඹුටු කුමාරි තරහෙන් පුපුරමින් “මොකක් ද උඹ කිව්වේ?” අසමින් පාර මැදට පැන්නා ය. මහ බළලාට වෙරි හිදී පාර මැද ගල් විය.
ඌ, “මේ…නෑ නෑ…” කියමින් ගොත ගසන්නට විය. හිඹුටු කුමාරි “කියපන් කවුද වෙනස් වුනේ…නැත්නම් උඔට කොටනවාආආආ” යයි උඩ පනින්නට විය.
හිඹුටු කුමාරි: කියපා……න්
ගොගියානෝ: මොනවද පූසියෙ අහන්නේ?
හිඹුටු කුමාරි: ඇත්ත කියපා…….න්
ගොගියානෝ: ඔව් බිව්වා……
හිඹුටු කුමාරි: ඒක නෙවෙයි ඇහුවෙ, ඇත්ත කියපා…….න්
ගොගියානෝ: වද නොදී පලයා……න්
හිඹුටු කුමාරි: උඹ පලයා……න්
මෙලෙස කන් බිහිරි වන හඩින් සණ්ඩුව ජයට ම පැවතුනා ය.
අවසානයේ ලොකු මහත්තයාගේ ලොකු දුව විදුලි පන්දම ගෙන නිදිමතේම මිදුලට බැස ගල් හා අධි පීඩන ජල ප්රහාර එල්ල කර ප්රශ්නය තාවකාලිකව විසදුවා ය.
පසුව දැනගන්නට ලැබුනේ පෙර දින සවස රුපියල් 50 ට දෙනවා කිව්ව රා පොල්කට්ට පසු දින රුපියල් 60 කට විකිණීම නිසා ඇති වූ කළකිරීමට මහ බළලා එම ගීතය ගයා ඇති බවයි. රුපියල් 10ක් පාඩු වූ දුකට ඌ තව වැඩිපුර පොල්කට්ටක් බී ඇත.
දැන් හිඹුටු කුමාරි සද්ද නැත. ලොකු මහත්තයාගේ ලොකු කිව්වේ ආයෙත් ඒකිගෙ නින්ද කැඩුවොත් දෙදෙනාවම එළවා දමන බව යි.
මීට අප්පු.