කවිය

අද උදෑසන යලිත් තාප්පය දෙසින් කවි ගායනාවක් ඇසුන නිසා මම ඒ පැත්ත ට ගොස් බැලුවෙමි. තාප්පය වේදිකාව කරගත් කවි කුසුම් හා පුල්ලියා යටි ගිරියෙන් තම ගායන කුසලතා ලොව ට පෙන්වමින් සිටියහ.

කවි කුසුම්: මල්ලිත් මමත් අකුර ට යන වෙලෙවේ…
පුල්ලියා: පලයා…….න්
කවි කුසුම්: කලු කරගෙන එනවා වැහි වළාවේ
පුල්ලියා: බැහැපා……..න්
කවි කුසුම්: ඇයි මේ උඹේ තාප්පෙ ද? මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ
පුල්ලියා: දුවපා……..න්
කවි කුසුම්: ඇයි පිට්ටු ගෙඩිය උඹ බය ද? පමා වෙලා වැහැපා……….න් වැහි වළාවේ
පුල්ලියා: ආයෙ කියනනෙ නෑ උඹ ට පලයා……..න්….
කවි කුසුම්: බෑ…….

කවි කුසුම් ටික ටික පුල්ලියා ලඟ ට ම ආ අතර මම ඉක්මනින් මැදිහත් වී පුල්ලියා තාප්පයෙන් බස්සවා ගත්තෙමි. පුල්ලියා නතර වුනේ මගේ ඇඳ යට ය. ඒ බව මම කවි කුසුම් ට නොකිව්වෙමි.

මීට ලොකු මහත්තයාගේ ලොකු දුව.

function magic_particle_trail_script() { ?>