කතාවක්

මගේ පුයර මල නැති වෙලා. මීයො ගෙනියලද කොහෙද. මූණේ පුයර ටිකක් උලා ගන්න උඹේ ඔය ලස්සන බූල් වලිගය ටිකක් දීපන්කො. මීයා කිව්වා.

අපේ වලිග තියෙන්නෙ උඹලට පුයර උලන්න දෙන්න නෙවෙයි. බළලා අහක බලා ගත්තා.

එහෙනම් මොකටද තියෙන්නෙ?

අපේ වලිග තියෙන්නෙ අපට පුයර උලා ගන්න. බළලා වලිගය වනමින් පිළිතුරු දුන්නා.

ඉතින් අපටත් ටිකක් දීපන්කො. හදිස්සියකටනෙ…මීයා පින්සෙන්ඩු වුනා.

අපෝ බෑ. එතකොට උඹලගෙ විසබීජ අපේ මූණට එනවා. අපට මූණ සෝදලා ඉවරයක් නෑ. බළලා කිව්වා.

උඹ මහ නපුරෙක්. මීයා කණගාටුවෙන් කිව්වා.

දැන් උඹ පුයර උලන්නෙ කොහෙ යන්නද? බළලා ඇසුවා.

සාදයකට යන්න. මීයා කිව්වා.

එහෙනම් මෙහෙම කරමු. උඹට මම පුයර උලාගන්න වලිගය දෙන්නම්. උඹ කේක් කෑල්ල මට දීපන්. බළලා ඇස් කරකවමින් කිව්වා.

මීයා කල්පනා කළා. අගිලි ගැන්නා. ඔලුව කැසුවා.
අපෝ බෑ. ඒක පාඩුයි. ඌ සෑහෙන වෙලාවකට පසු කිව්වා.

එහෙනම් බෑ. බළලා කිව්වා.

එහෙනම් කේක් කෑල්ලෙන් බාගයක්? මීයා ඇහුවා.

හා. අයිසිං දැමූ උඩ කොටස මට. යට කොටස උඔට. ඒක බොහොම සාධාරණයි. කැමතිද? බළලා ඇහුවා.

මීයා කැමති වුනා.

මීයා පුයර උලාගෙන යන්න ගියා. ගියා ගියාමයි ඌ තාම ආවේ නෑ.

බළලා කේක් කෑල්ල ඉල්ලා ගන්න මීයා එන තුරු තවම මග බලා සිටී.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>