නෝනලා…නෝනලා…තේ එකක් බොන ගමන් කතාවක් අහමු. අග්ගලා ද ඇත.
මෙන්න එම කතාව.
අද උදෑසන මල්වීනා අපේ එම නෝනා ගේ බටු මෝජු පාත්තියේ සෙල්ලම් කරමින් සිටින අතරතුරේ දී අන්නාසි වගාව ඇතුලේ හැංගී සිටි පිටස්තර කුණු බළලෙක් ඒකිට “ආ…මීනු…😏” යැයි පවසා ඇත. ආරංචියේ හැටියට ඇහැකුත් ගසා ඇත 😉. එම සිද්ධිය ලොකු මහත්තයාගේ පොඩි දුව දැක ඇත. ඒකි ට ඒක කාට හෝ කියන්න ම ඕනෑ වී ඇත. නමුත් එහෙම ම කරන්න හොඳ නැති නිසා ඒකි ඒ කතාව ලිඳ ඇතුලට ඔලුව දමා කියා ඇත. ලිඳේ සිටි මණ්ඩුකයෙක් ට 🐸 ඒක ඇසී ඇත. දැන් ඌ අපේ ගේ ඇතුලට ම පැමිණ එම කතාව මහ හඬින් කියයි. දැන් හරි වැඩේ ය. හැමෝම අප දිහා බලයි.
මීට අප්පු.