ඉවිල්ල 👩‍🍳

අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව උයන කෑම සුපිරි ය. ඒකි ඉව්ව දවස ට ගෙදර මගුල් ගෙයක් වැනි ය. මේ මොනව ද මේ මොනව ද අසමින් සියලු දෙනා ම ඒකි උයා ඇති සියලුම හොදි බෙදා ගන්නේ අඩුම ගානේ ඉන් එක හොද්දක් සමඟ හෝ බත් ටිකක් කා ගත හැකි වේ යයි දැඩි බලාපොරොත්තුවකිනි. ඒකි උයන මාලු හොද්ද බෙදා ගන්නට හබලක්යත් ඕනෑ ය. ලොකු මහත්තයාගේ පොඩි දුව කියන්නේ මාලුවා ව කෙලින් ම මුහුදෙන් පිඟාන ට බෙදා ගත්තා නම් කාලය හා තුන පහ ටික ඉතුරු බව ය. ඒකිගේ අල හොද්ද බෙදා ගන්නා අතර ලොකු මහත්තයාගේ පොඩි දුව ගීතයක් ද මුමුණයි…” අපේ පැත්තෙ මේ කාලෙට ගං වතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා…” වචන කියන්නේ නැත. තාලය පමණි. එම නෝනා කන්නේ වතුර එකකුත් බොන ගමන් ය. “මම නැති කාලෙක කයි තමයි…” එතුමිය එසේ මුමුණන්නේ ලොකු මහත්තයෙගේ ලොකු දුව ට රවමින් ය. ඒකටත් එක්ක අපේ ලොකු මහත්තයා ‘හ්ම්’ කියන්නේ නැත. සමහර විට එතුමා ට බත් සමඟ වචන ද ගිලුනා විය හැකි ය. කෑම ඒ තරම් රස ය.
මේ හේතුව නිසා බෙලිසිමෝ ලොකු මහත්තයෙගේ ලොකු දුව ගේ සූප ශාස්ත්‍ර දැනුම වැඩි දියුණු කිරීම ට මිරිස් කරල්, කරපිංචා, දර කෝටු ආදිය ඒකිගේ ඇඳ ලඟට ම සපයමින් විශාල මෙහෙවරක් ඉටු කරයි.

නෝනලා දවසක මෙහෙ කෑමක ට එන්න (එපා! 🙏) ය. (ආවොත්) ඔබ සැම ට දෙවි පිහිට යි.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>