අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ට පාඩුවේ සිටින බළලෙක් දුටුවොත් තේරුමක් නැති ප්රශ්නයක් ඇසීමේ පුරුද්දක් ඇත.
අද රාත්රි කාලයේ එළිය ට පැන ගැනීම ට පොටක් සොයමින් මල්වීනාගේ චුට්ටි පුතා කුස්සියේ දොර ලඟ වාඩි වී සිටිනු දුටු ඒකි, “අයියා කෝ?” කියා චුට්ටි පුතාගෙන් ඇසුවා ය. ඒ ඇසුවේ බට්ටියා ගැන ය.
කෙසේ හෝ, “අයිය කෝ” කියන එක අපේ ලොකු මහත්තයාගේ එම නෝනා ට ඇසුනේ වෙන විදිහක ට ය. එතුමිය කරමින් සිටි වැඩේ නතර කර ලොකු මහත්තයාගේ ලොකු දුවගේ හිසේ සිට පාදාන්තය ට බලා, “මොකක් ද ඒ කිව්වෙ?” යයි සන්සුන්ව ඇසුවා ය.
මෙයින් confuse වූ ලොකු මහත්තයාගේ ලොකු දුව, චුට්ටි පුතා ව හිසෙන පෙන්වා, “අයිය කොහෙද කියල පූසගෙන් ඇහුවෙ…බට්ටිය ගැන”, යයි බයාදුව කිවූ අතර එම නෝනා මුමුණමින් යන්න ගියා ය. ඒකි ට ඒත් වැඩේ තේරුනේ නැත. වස මෝඩිය කි.
මීට සිනහව නවතා ගත නොහැකි අප්පු.